අතේ තිබුණු ජාතික කොඩිය විකෘති කරපු එකක් කියලා මම දන්නේ නැහැ – උදය ගම්මන්පිල

අතේ තිබුණු ජාතික කොඩිය විකෘති කරපු එකක් කියලා මම දන්නේ නැහැ – උදය ගම්මන්පිල

අතේ තිබුණු ජාතික කොඩිය විකෘති කරපු එකක් කියලා මම දන්නේ නැහැ – උදය ගම්මන්පිල

කර්තෘ Chathuranga Rajapaksha

24 Apr, 2015 | 9:12 pm

ඊයේ පැවති විරෝධතාවයේදී විකෘති කළ ජාතික කොඩියක් තමා අත දරා සිටියේ, නොදැනුවත්ව බව නිවේදනයක් නිකුත් කරමින් පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා පවසයි.

නිවේදයක් නිකුත් කරන ගම්මන්පිල මහතා පවසන්නේ, යම් පිරිසක් එම විකෘති කරන ලද ධජය ගෙනවිත් තිබූ අතර එහි කුඩා ධජ විරෝධතාකරුවන් අතර බෙදා දුන් බව ය.

එවැනි විරෝධාවයක පූර්ණ වගකීම සංවිධානයට ගත නොහැකි බව ත් මහනුවර හා රත්නපුර ප්‍රදේශවල පැවති තම රැළිවලට ද එම ධජය රැගෙන ආ බව පසුව හෙළි වූ බව ත් එම නිවේදනය සදහන් වේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තමන් කණගාටුව පළ කරන බව ද උදය ගම්මන්පිල මහතා නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.