පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අනතුරට ලක් කළ මෝටර් රථයේ රියැදුරු පළා යයි

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අනතුරට ලක් කළ මෝටර් රථයේ රියැදුරු පළා යයි

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අනතුරට ලක් කළ මෝටර් රථයේ රියැදුරු පළා යයි

කර්තෘ Staff writer

23 Apr, 2015 | 2:57 pm

හෙට්ටිපොළ, ගිරිපොකුණවෙල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, හලාවත සිට කුරුණෑගලට දෙසට ධාවනය වූ මෝටර් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වූ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව ය.

එම අනතුරින් යතුරු පැදියේ ගමන් කළ පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙක් බරපතළ තුවාල ලැබී ය.

පොලීසිය පැවසුවේ, තුවාලකරුවන් හෙට්ටිපොළ දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩි දුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කළ බව ය.

ඊයේ රාත්‍රීයේ සිදු වූ එම අනතුරින් පසු මෝටර් රථයේ රියැදුරු පළා ගොස් තිබේ.

එම අනතුරින් තුවාල ලබා ඇත්තේ, හෙට්ටිපොළ පොලිස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකි.