බැසිල් රාජපක්ෂ ජාතික රෝහලට ඇතුළත් කරයි

බැසිල් රාජපක්ෂ ජාතික රෝහලට ඇතුළත් කරයි

බැසිල් රාජපක්ෂ ජාතික රෝහලට ඇතුළත් කරයි

කර්තෘ Chathuranga Rajapaksha

23 Apr, 2015 | 4:38 pm

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණ.

බැසිල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඊයේ රාත්‍රී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සිදු වූ මුදල් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටි හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු තවත් විත්තිකරුවන් දෙදෙනෙක් ලබන මස 5 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් නිහාල් ජයතිලක, දිවිනැගුම අධ්‍යක්ෂ
ජනරාල් ආර්.ඒ.ඒ.කේ රණවක යන අය ඊයේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]