ගෝඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසමට කරුණු දැක්වීමට කල් ඉල්ලයි (VIDEO)

ගෝඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසමට කරුණු දැක්වීමට කල් ඉල්ලයි (VIDEO)

කර්තෘ Chathuranga Rajapaksha

23 Apr, 2015 | 10:06 pm

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද අල්ලස්‍ හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණියේය.

ඇවන්ට් ගාර්ඩ් හා රක්නා ලක්නා ආරක්ෂක සමාගම්වල ගනුදෙනු පිළිබඳව පරීක්ෂණයට අදාළව අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි ඔහු කරුණු දැක්වීමට කල් ඉල්ලා ති‍බේ.

එම අවස්ථාවේ රැස්වූ පිරිසක් ඔහුට සහය පළ කරමින් කොමිසම ඉදිරිපිට උද්ඝෝසණයක ද නිරත වූහ.

අද පෙරවරුවේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අසළට පැමිණි පිරිසක් එහි ප්‍රධාන පිවිසුම අවහිර කරමින් උද්ඝෝෂණයක් ආරම්භ කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුලු පිරිසක්ද ඊට එක්ව සිටියහ.

ඒ අතර තුර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එහි පැමිණි අතර කෙටි කාල සීමාවකින් ආපසු පැමිණ රැස්ව සිටි පිරිස ඇමතුවේය.

අනතුරුව රැස්ව සිටි පිරිසට ආචාර කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා එම ස්ථානයෙන් පිටව ගියේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]