ඉන්දියාව තුළ අල්ජසීරා විකාශනය නවතා දමයි

ඉන්දියාව තුළ අල්ජසීරා විකාශනය නවතා දමයි

ඉන්දියාව තුළ අල්ජසීරා විකාශනය නවතා දමයි

කර්තෘ Staff writer

23 Apr, 2015 | 11:23 am

ඉන්දීය රජය අල්ජසීරා ප්‍රවෘත්ති නාලිකාවේ විකාශන කටයුතු දින 5කට නවතාදමා තිබේ.

ඉන්දීය රජයේ කමිටුවක් මෙම තීරණය ගෙන ඇත්තේ මතභේදයකට ලක්ව ඇති කාශ්මීර කලාපයේ වැරදි සිතියමක් රූපවාහිනිය ඔස්සේ විකාශනය කිරීම හේතුවෙනි.

මෙම සිති‍යමෙන් කාශ්මීර කලාපය ඉන්දියාව, පාකිස්ථාන සහ චීනය අතර බෙදා දැ‍ක්වෙන ආකාරය නිරූපණය කෙරේ.

විදෙස් වාර්තා පවසන්නේ, මේ හේතුවෙන් තම විකාශය අ‍ප්‍රේල් 27 වන දා තෙක් නැරඹිය නොහැකි බව දැක්වෙන දැන්වීමක් අල්ජසීරා ප්‍රවෘත්ති නාලිකාව විසින් නිල් පැහැති රූපවාහිනී තිරය මත ප්‍රදර්ශනය  කර ඇති බව ය.