හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරයි

කර්තෘ Sagarika Chathumali

19 Apr, 2015 | 8:23 pm

තමන්ට සහ තම බිරිඳට හා දරුවන්ට කිසිදු විදේශීය බැංකුවක නීතිවිරෝධී රහසිගත ගිණුම් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, නිවේදනයක් නිකුත් කරමිනි.

කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළ බව උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය ශ්‍රී ලංකාවේ ප්‍රධාන පවුලක සාමාජිකයෙකුට ඩුබායිහි බැංකුවක ඩොලර් මිලියන 1064ක් ඇති බවට පුවතක් වාර්තා වී ඇති බවත් එම නිවේදනයේ සඳහන් ය.

මෙය වක්‍රකාරව තම පවුලේ සාමාජිකයින්ට චෝදනා කිරීම සඳහා යොදා ගන්නා ප්‍රචාරයේ කොටසක් බව පවසන රජපක්ෂ මහතා අවධාරණය කරන්නේ, ලොව පුරා  ත්‍රස්තවාදයට මුදල් සැපයීම මුදල් විසුද්ධිකරණය ආදී කරුණු ගැන සුවිශේෂ අවධානයක් පවතින බැවින් රහසිගත ගිණුම් පිළිබඳව සෙවීමට මෙතරම් කාලයක් ගත නොවන බව ය.