”හැළිය රත්වෙන බව නොදැන එජාපෙ කරණම් ගහ ගහ පීනනවා” (VIDEO)

”හැළිය රත්වෙන බව නොදැන එජාපෙ කරණම් ගහ ගහ පීනනවා” (VIDEO)

කර්තෘ Sagarika Chathumali

19 Apr, 2015 | 8:12 pm

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය රටේ සියලු ප්‍රශ්න සඳහා එක ම විසඳුම නොවන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

හැළිය රත්වෙන බව නොදැන එජාපෙ මේ දවස්වල කරණම් ගහ ගහ පීනනවා

Posted by Newsfirst.lk on Sunday, April 19, 2015

[quote]අද රට හිරවෙලා තියෙනවා. එක තැනක එතනින් හොළවගන්න බෑ. පත්තර බැලුවම හැමදාම තියෙන්නේ 19 ය. 20. එක්කො 20, 19 ය. ඒ 2ක විතරයි. ඒ දෙකම ආවත් ‍අපේ බඩවල් පිරෙන්නේ නැහැ. ඒ දෙකම ආවත් ජනතාවට කන්න බොන්න හම්බවෙන්නේ නෑ. ඒ දෙක ම තිබුණත් තමුන්නාසේලාගේ ගෙදර තියෙන ප්‍රශ්න විසඳෙන්නේ නෑ.[/quote]

එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් ද ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අදහස් මෙලෙස අදහස් පළ කළේ ය.

[quote]අද අපි දකිනවා ඒක එක්සත් ජාතික පක්‍ෂෙ වෙනවා. අර හැළියේ ඉන්න කකුළුවෝ වගේ මේ දවස්වල ටික කරණම් ගහ ගහ පීනනවා. කරණම් ගහනවා. බල්ටි ගහනවා. පීනනවා. හොඳට හැබැයි දන්නේ නෑ. මේ හැළිය රත්වෙනවා කියලා. හත් අට දාහකට වැඩ කරලා දීලා තියෙනවා. අවුරුදු 20 කින් හම්බ වුණ චාන්ස් එක[/quote]

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙම අදහස් පළ කළේ, අද මාතර පැවති උත්සවයකදී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]