ගිනස් වාර්තාවක් වෙනුවෙන් ට්‍රැක්ටර් 40ක් බඩ උඩින් යවන පොළොන්නරුවේ පියුමාල් (VIDEO)

ගිනස් වාර්තාවක් වෙනුවෙන් ට්‍රැක්ටර් 40ක් බඩ උඩින් යවන පොළොන්නරුවේ පියුමාල් (VIDEO)

කර්තෘ Staff writer

19 Apr, 2015 | 9:10 pm

ලෝකයේ නොයෙකුත් වික්‍රමාන්විත ක්‍රියාවන් හරහා ගිනස් පොතට ගිය බොහෝ පුද්ගලයින් ගැන අප අසා තිබේ.

 

ගිනස් වාර්තාවක් වෙනුවෙන් ට්‍රැක්ටර් 40ක් බඩ උඩින් යවන පොළොන්නරුවේ පියුමාල් Read more: http://wp.me/p5qkT7-e6c

Posted by Newsfirst.lk on Sunday, April 19, 2015

මේ පුංචි ලංකාව ගිනස් පොතට රැගෙන යාමට උත්සහ දරන අයෙකු පිළිබඳව නිව්ස් ෆස්ට් වෙත වාර්තා විය.

ඔහු නමින් කේ.එල්. පියුමාල් ය.

පියුමාල් පුංචි කාලේ ඉඳන් ම කරාටේ සහ බොක්සිං ක්‍රීඩාවන්වලට නොයෙකුත් දක්ෂතා දක්වපු අයෙකි.

ඔහුගේ ‍මේ දක්ෂතා ඔපමට්ටම් කර ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ ලබා ගන්නට ඔහුට ගුරුහරුකම් දුන්නේ ඒ.ජී.‍සේනකබණ්ඩාර මහතා ය.

සීසෑම් කටයුතුවලට යොදා ගන්නා ට්‍රැක්ටර් රථ 40ක් ඔහුගේ උදරය උඩින් විනාඩි 45ක් වැනි කාලයක් තුළ ගමන් කරවා ලෝක වාර්තාවක් තැබීම සඳහා අද ඔහු පෙරහුරුවක නිරත විය.

ඔහුට මේ සඳහා ගත වුයේ විනාඩි 19:59ක් පමණි.

ලෝක වාර්තා පොත් අතරට ලාංකීය නම එක් කිරීමට වෙර දරන පියුමාල්ට එකී උත්සාහය සාර්ථක කර ගැනීමට හැකි වේවායි කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]