මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය රොහාන් වැලිවිටගෙන් CSN ගැන ප්‍රශ්න කරයි (VIDEO)

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය රොහාන් වැලිවිටගෙන් CSN ගැන ප්‍රශ්න කරයි (VIDEO)

කර්තෘ Sagarika Chathumali

19 Apr, 2015 | 6:51 pm

CSN ආයතනයේ ආරම්භක සභාපතිවරයෙකු මෙන් ම වර්තමානයේ එහි උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන රොහාන් වැලිවිට මහතා අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබිණ.

අද පෙරවරු 10 සිට පැය 3 හමාරක පමණ කාලයක් රොහාන් වැලිවිට මහතාගෙන් ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැලිවිට මහතා පැවසුවේ ලබන 21 වන දා තමන්ට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත යළි පැමිණෙන ලෙස දැනුම් දුන් බව ය.