බම්බලපිටියේ පාසලක තිබී සොයා ගත් කාන්තා මළ සිරුර පිළිබඳ තොරතුරු හෙළි වෙයි

බම්බලපිටියේ පාසලක තිබී සොයා ගත් කාන්තා මළ සිරුර පිළිබඳ තොරතුරු හෙළි වෙයි

බම්බලපිටියේ පාසලක තිබී සොයා ගත් කාන්තා මළ සිරුර පිළිබඳ තොරතුරු හෙළි වෙයි

කර්තෘ Sagarika Chathumali

19 Apr, 2015 | 7:21 pm

බම්බලපිටිය ප්‍රදේශයේ පාසලක ගබඩා කාමරයක් තුළ තිබී සොයා ගත් මළ සිරුර කිරුළපන ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි තැනැත්තියකගේ බවට හඳුනාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, එම සිරුර එම පාසලේ සනීපාරක්ෂක සේවිකාවකගේ බව ය.

ඇය ඊයේ කිසියම් කටයුත්තක් සඳහා පාසල වෙත පැමිණිය ද යළි නිවෙස වෙත නොපැමිණී ම හේතුවෙන් කළ පරීක්ෂාවකදී සිරුර සොයා ගෙන තිබේ.

ඇයගේ මුහුණ ප්‍රදේශයේ තැලීම් දක්නට ඇතැයි ද පොලීසිය ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]