IS සටන්කාමීන්ගේ ප්‍රහාරවලින් ඇෆ්ගන් වැසියන් 37ක් මරුට: තවත් 100කට තුවාල

IS සටන්කාමීන්ගේ ප්‍රහාරවලින් ඇෆ්ගන් වැසියන් 37ක් මරුට: තවත් 100කට තුවාල

IS සටන්කාමීන්ගේ ප්‍රහාරවලින් ඇෆ්ගන් වැසියන් 37ක් මරුට: තවත් 100කට තුවාල

කර්තෘ Sagarika Chathumali

18 Apr, 2015 | 12:49 pm

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ජලාබාද් නාගරයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

පළමු පිපිරීම නගරයේ බැංකුවක් ඉදිරිපිටදී සිදුව ඇති අතර එම ස්ථානයට නුදුරු ස්ථානයකදී දෙවන පිපිරීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එරට පොලිස් ප්‍රධානියෙකු පවසා ඇත්තේ, එම අවස්ථාවේ සිය මාසික වේතනය ලබා ගැනීම සඳහා බැංකුවට පැමිණ සිටි රාජ්‍ය සේවකයින් පිරිසක් ප්‍රහාරවල ඉලක්කයන් වී ඇති බව ය.

ISIS සටන්කාමීන් ප්‍රහාරවල වගකීම භාර ගෙන ඇති අතර ඒ අනුව ISIS සටන්කාමීන් ඇෆ්ගනිස්ථානය ඉලක්ක කර එල්ල කළ පළමු ප්‍රහාරය මෙය වනු ඇති.

ඇෆ්ගනිස්ථාන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, තුවාල ලැබූවන්ගෙන් වැඩි පිරිසක් බරපතළ තත්ත්වයේ පසු වන බව ය.