මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින්ට යළි රැකියා දෙන්නැයි, ජනපතිගෙන් නියෝග

මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින්ට යළි රැකියා දෙන්නැයි, ජනපතිගෙන් නියෝග

මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින්ට යළි රැකියා දෙන්නැයි, ජනපතිගෙන් නියෝග

කර්තෘ Sagarika Chathumali

18 Apr, 2015 | 7:54 am

රැකියා අහිමි වීම හේතුවෙන් සෙත්සිරිපාය අසල විරෝධතාවක නිරත මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින්ට යළි රැකියා ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර තිබේ.

අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මැදිහත් වීමෙන් අදාළ සේවකයින් පිරිස ඊයේ ජනාධිපතිවරයා හමුවට යොමු කර තිබේ.

එහිදී ජනාධිපතිවරයා මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කර ඇත්තේ, අදාළ සේවකයින්ට යළි රැකියා ලබා දෙන ලෙස ය.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, අදාළ සේවකයින්ට ඉදිරි සතිය තුළදී යළි රැකියා හිමි වනු ඇති බවට විශ්වාසය පළ කරන බව ය.

රැකියා අහිමි වූ එම සේවකයින් මාසයකට වැඩි කාලයක් තිස්සේ සෙත්සිරිපාය අසල සත්‍යග්‍රහයක නිරතව සිටියහ.