විරෝධතාවක නිරත වූ වික්‍රමාරච්චි ආයුර්වේද සිසුන්ට මැර ප්‍රහාරයක් (VIDEO)

විරෝධතාවක නිරත වූ වික්‍රමාරච්චි ආයුර්වේද සිසුන්ට මැර ප්‍රහාරයක් (VIDEO)

කර්තෘ Sakila Udayakumara

18 Apr, 2015 | 11:19 am

ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යායතනයේ සිසුන් පිරිසකට ඊයේ රාත්‍රී කිසියම් පිරිසක් පහර දී තිබේ.

ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද සිසුන් පිරිසකට මැර ප්‍රහාරයක්

Posted by Newsfirst.lk on Friday, April 17, 2015

අප වාර්තාකරු පැවසුවේ, පහර දීමෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනකු ගම්පහ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ය.

විද්‍යායතනයේ සිසුන් පිරිසක් අධ්‍යයන කටයුතු සඳහා ඊයේ පැමිණ ඇති විද්‍යායතනය හා නේවාසිකාර වසා තිබූ බැවින් ඔවුන්ට ඊට අතුල් වීමට හැකි වී නොමැත.

පසුව ඊට එරෙහිව විද්‍යායතනය ඉදිරිපිට ඔවුන් විරෝධතාවයක නිරත වී තිබේ.

සිසුන් පැවසුවේ විරෝධතාවය අතරවාරයේ පැමිණි කිසියම් පිරිසක් තමන්ට පහරදුන් බව ය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, සිසුන් විද්‍යායතනය ඉදිරිපිට මහජනතාවට අවහිර වන ලෙස අට්ටාලයක් ඉදිකර තිබූ බව ය.

පොලීසිය එම අට්ටාලය ඉවත් කිරීමට පියවර ගත් බවත් කිසිදු ආකාරයක පහර දීමක් සිදුව නොකළ බවත් පොලීසිය පැවසී ය.