අවුරුදු සමයේ මගීන්ගෙන් නියමිත ගාස්තු ඉක්මවා මුදල් අය කරන්නන්ට එරෙහිව නීතිමය පියවර (VIDEO)

අවුරුදු සමයේ මගීන්ගෙන් නියමිත ගාස්තු ඉක්මවා මුදල් අය කරන්නන්ට එරෙහිව නීතිමය පියවර (VIDEO)

කර්තෘ Staff writer

13 Apr, 2015 | 5:58 am

අවුරුදු සමයේ ගම්බිම් බලා යන මගීන්ගෙන් නියමිත ගාස්තු ඉක්මවා මුදල් අය කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ඩී.එස්. ජයවීර මහතා පැවසුවේ, පවතින ක්‍රමවේදය යටතේ ඔවුන්ට දඬුවම් දීමට ක්‍රියාකරන බව ය.

අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලා යන මගීන්ගේ පහසුව වෙනුවෙන් අදත් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වේ.

මගී අවශ්‍යතා අනුව පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිට බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි, රාජා ගුණතිලක මහතා පැවසුවේ ය.

මේ අතර අදත් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බවත්, ධාවනය කරන දුම්රිය සඳහා අමතර මැදිරි එක් කිරීමට පියවර ගෙන ඇති බවත් දුම්රිය ධාවන අධිකාරි එල්.ඒ.ආර්. රත්නායක මහතා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]