හෙට මහනුවරට බල පැවැත්වෙන විශේෂ රථවාහන සැලැස්ම මෙන්න…

හෙට මහනුවරට බල පැවැත්වෙන විශේෂ රථවාහන සැලැස්ම මෙන්න…

හෙට මහනුවරට බල පැවැත්වෙන විශේෂ රථවාහන සැලැස්ම මෙන්න…

කර්තෘ Sagarika Chathumali

11 Apr, 2015 | 4:46 pm

අපවත් වී වදාළ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත මහ නා හිමියන්ගේ ශ්‍රී දේහය රැගත් අවමංගල්‍ය පෙරහැර හේතුවෙන් හෙට දිනයේ මහනුවර විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ හෙට පස්වරු 1 සිට පස්වරු 2.30 දක්වා එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වන බව ය.

ශ්‍රී දේහය රැගත් අවමංගල්‍ය පෙරහැර පස්වරු 1ට අස්ගිරිය මහා විහාරයෙන් පිටත්වීමට නියමිත අතර පස්වරු 2.30ට අස්ගිරිය පොලිස් ක්‍රිඩාංගණයට අවමංගල්‍යය පෙරහැර ළඟා වීමට නියමිත ය.

පොලීසිය පැවසුවේ, අස්ගිරිය මහා විහාරයේ සිට ගාමිණි දිසානායක මාවත, කන්දේ වීදිය, ඩි.එස්. සේනානායක වීදිය, දළඳා වීදිය, ඔරලෝසු කණුව හන්දිය, පරණ පේරාදෙණිය මාර්ගය, පොලීසිය හන්දිය , තිලක් රත්නායක මාවත හරහා අස්ගිරිය පොලිස් ක්‍රිඩාංගණය දක්වා අවමංගල්‍යය පෙරහැර ගමන් කිරීමට නියමිත බව ය.

ඒ අනුව එම මාර්ග හෙට පස්වරු 1 සිට පස්වරු 2.30 දක්වා රථවාහන ධාවනය සීමා කෙරෙන අතර එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැනුම් දෙයි.

මේ අතර අපවත් වී වදාළ අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත මහා නා හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සැදැහැවත්හු විශාල පිරිසක් මේ වනවිටත් පැමිණෙමින් සිටිති.

මහ නාහිමියන්ගේ අපවත් වීම නිමිත්තෙන් හෙට දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]