නොමිලේ ලබා දෙන Wi-Fi දින 5ක් තුළදී 1693 දෙනෙකු භාවිතා කර ඇති බවට තොරතුරු

නොමිලේ ලබා දෙන Wi-Fi දින 5ක් තුළදී 1693 දෙනෙකු භාවිතා කර ඇති බවට තොරතුරු

නොමිලේ ලබා දෙන Wi-Fi දින 5ක් තුළදී 1693 දෙනෙකු භාවිතා කර ඇති බවට තොරතුරු

කර්තෘ Sakila Udayakumara

11 Apr, 2015 | 11:22 am

පොදු ස්ථානවලින් නොමිලේ ලබා දෙන Wi-Fi පහසුකම් දින 5ක් තුළදී පුද්ගලයින් 1693 දෙනෙකු භාවිතා කර ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

දිවයින පුරා පොදු ස්ථාන 26ක ස්ථාපිත කර තිබෙන Wi-Fi කලාපවලදී මෙම පහසුකම් ලබා ගත හැකි ය.

එම පහසුකම් ලබා ගත් වැඩි ම පිරිසක් වාර්තා වන්නේ, කොළඹ දිස්ත්‍රික්කයෙන් බව නියෝජිතායතනයේ කළමණාකරන අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මුහුන්දන් කනගේ මහතා වැඩි දුරටත් කියා සිටියේ ය.

යාපනය පුස්තකාලයේදී මෙම Wi-Fi පහසුකම් ලබාගෙන තිබෙන පිරිස 50 ඉක්මවා තිබේ.

අග්‍රාමාත්‍යවරයා පසුගියදා කොළඹ, කොටුව දුම්රිය ස්ථානයෙන් මෙම Wi-Fi පහසුකම නිල වශයෙන් ලබා දීම ආරම්භ කෙරිණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]