දෝනිගේ දෝණි පළමු වරට මාධ්‍ය ඉදිරියට (VIDEO)

දෝනිගේ දෝණි පළමු වරට මාධ්‍ය ඉදිරියට (VIDEO)

කර්තෘ Sagarika Chathumali

06 Apr, 2015 | 12:33 pm

ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි ප්‍රථම වරට සිය දියණිය සිවා ද සමග මාධ්‍ය ඉදිරියේ පෙනී සිට තිබේ.

ඔහු සිය දියණිය සහ බිරිඳ සාක්ෂි සමග මාධ්‍ය ඉදිරියේ මෙලෙස පෙනී සිට ඇත්තේ, ඔහුගේ උපන් නගරය වන බිර්සා මුන්දා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ය.

පසුගිය පෙබරවාරි 6 වන දා දෝනිගේ දියණියගේ උපත සිදු වූ අවස්ථාවේ ඔහුට සිය අලුත උපන් බිළිඳිය දැක බලා ගැනීමට අවස්ථාවක් උදා නොවී ය.

Dhoni_Sak_PTI

ඒ, ඒ වන විට ඔහු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වී සිටි බැවිනි.

මේ අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී දෝනි චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇති.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ අදියර 8දී ම කණ්ඩායමක නායකත්වය දැරූ එක ම ක්‍රීඩකයා වන්නේ ද මහේන්ද්‍ර සිං දෝනි ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]