ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ශක්තියක් වීම මගේ බලාපොරොත්තුවයි – පවිත්‍රා‍ වන්නිආරච්චි (VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ශක්තියක් වීම මගේ බලාපොරොත්තුවයි – පවිත්‍රා‍ වන්නිආරච්චි (VIDEO)

කර්තෘ Staff writer

02 Apr, 2015 | 7:00 pm

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ බහුතර තීරණය මත රාජ්‍ය අමාත්‍ය ධුරය භාරගත් බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ, අද නව අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනිමින් ය.

පරිසර රාජ්‍ය අමාත්‍යවරිය ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද සිය රාජකාරිය ආරම්භ කළා ය.

පරිසර රාජ්‍ය අමාත්‍ය පවිත්‍රා‍ වන්නිආරච්චි මහත්මිය පැවසුවේ, මෙම අමාත්‍ය ධුරය හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට ශක්තියක් වීමට බලාපොරොත්තුවන බව ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]