මැතිවරණ නීති කඩ කළ රජයේ නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග

මැතිවරණ නීති කඩ කළ රජයේ නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග

මැතිවරණ නීති කඩ කළ රජයේ නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග

කර්තෘ Sakila Udayakumara

01 Apr, 2015 | 7:09 am

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධව රාජ්‍ය නිලධාරීන්ට එල්ලවන චෝදනා සනාථ වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය අවධාරණය කරයි.

අමාත්‍යංශයේ ලේකම් ජිනසිරි දඩල්ලගේ මහතා පැවසුවේ, ලැබී ඇති පැමිණිලි සම්බන්ධව කඩිනමින් පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව ය.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ට ‍එරෙහිව පැමිණිලි 2000ක් පමණ ලැබී ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ජිනසිරි දඩල්ලගේ මහතා ප්‍රකාශ සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, මෙම පැමිණිලි විමර්ශනය සඳහා 7 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් කැබිනට් මණ්ඩල අනුමැතිය යටතේ පත්කර ඇති බව ය.

මැතිවරණ සමයේ අයථා මුදල් පරිහරණය, වාහන යොදා ගැනීම වැනි කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණ කමිටුව වැඩි අවධානයක් යොමු කරන බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.