සා/පෙළ ගණිතය අසමත් වූ දැරියක් ජීවිතයෙන් සමුගනී

සා/පෙළ ගණිතය අසමත් වූ දැරියක් ජීවිතයෙන් සමුගනී

සා/පෙළ ගණිතය අසමත් වූ දැරියක් ජීවිතයෙන් සමුගනී

කර්තෘ Staff writer

31 Mar, 2015 | 8:05 am

පුස්සැල්ලාව බී.එෆ්.වත්ත ප්‍රදේශයේ පාසල් සිසුවියක් ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, එම සිසුවිය සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය විෂය අසමත් වීම හේතුවෙන් එලෙස සියදිවි හානිකරගෙන ඇති බව ය.

ඒ පිළිබදව ඇය ලිපියක් ද ලියා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

එලෙස මියගොස් ඇත්තේ 17 හැවිරිදි පාසල් සිසුවියකි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්ෂණ ආරම්භ කර තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]