ලෝක කුසලාන අවසන් තරගය විනිශ්චයට කුමාර් ධර්මසේන සහ රිචර්ඩ් කෙට්ල්බරෝ

ලෝක කුසලාන අවසන් තරගය විනිශ්චයට කුමාර් ධර්මසේන සහ රිචර්ඩ් කෙට්ල්බරෝ

ලෝක කුසලාන අවසන් තරගය විනිශ්චයට කුමාර් ධර්මසේන සහ රිචර්ඩ් කෙට්ල්බරෝ

කර්තෘ Kumudu Jayawardana

27 Mar, 2015 | 4:29 pm

ලබන ඉරිදා පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පිටියේ විනිසුරුවරයෙකු ලෙස කුමාර් ධර්මසේන නම් කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ, කුමාර් ධර්මසේන සහ එංගලන්තයේ රිචර්ඩ් කෙට්ල්බරෝ අවසන් තරගයේ පිටියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන බව ය.

මේ අතර, එම සුවිශේෂී තරගයේ තීරකවරයා ලෙස කටයුතු කරනුයේ, තවත් ශ්‍රී ලාංකිකයෙකු වන රංජන් මඩුගල්ල යි.

ඒ අනුව, ලබන ඉරිදා පැවැත්වෙන අවසන් තරගයේ විනිසුරු මඩුල්ල මෙසේ ය.

කුමාර් ධර්මසේන සහ රිචර්ඩ් කෙට්ල්බරෝ (පිටියේ විනිසුරු යුගලය)‍‍
රංජන් මඩුගල්ල (තරග තීරක)
මරායස් එරාස්මස් (තෙවන විනිසුරු)
ඉයන් ගෝල්ඩ් (සිව් වන විනිසුරු)

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]