මගීන් 150 දෙනෙකු සමග ඇල්ප්ස් කඳුවැටියට කඩා වැටුණු ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගනී

මගීන් 150 දෙනෙකු සමග ඇල්ප්ස් කඳුවැටියට කඩා වැටුණු ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගනී

මගීන් 150 දෙනෙකු සමග ඇල්ප්ස් කඳුවැටියට කඩා වැටුණු ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගනී

කර්තෘ Sakila Udayakumara

25 Mar, 2015 | 8:02 am

පුද්ගලයින් 150දෙනෙකු රැගෙන පියාසර කරමින් තිබියදී කඩා වැටුණු ජර්මන් වින්ග්ස් ගුවන් සේවයට අයත් යානයේ සිටි පුද්ගලයින් සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇතැයි සැක කරයි.

ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පැවසුවේ, ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගත් බව ය.

පුද්ගලයින් 150 දෙනෙකු රැගෙන පියාසර කරමින් තිබූ ජර්මනියේ ජර්මන් වින්ග්ස් ගුවන් සේවයට අයත් යානයක් ප්‍රංශයේ ඇල්ප්ස් කඳුකර ප්‍රදේශයට ඊයේ කඩා වැටිණි.

විදෙස් වාර්තාවල දැක්වුණේ, ගුවන්යානය ස්පාඤ්ඥයේ බාසිලෝනා සිට ප්‍රංශය බලා පියාසර කරමින් සිටින අතරතුර එය කඩා වැටුණු බව ය.

මේ වනවිට ගුවන් යානයේ කලු පෙට්ටිය පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.

ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පැවසුවේ, යානය කඩා වැටීමට හේතුව මෙතෙක් හෙළි නොවූ අතර කඩා වැටීමට පෙර විනාඩි 8ක කාල සීමාවක් තුළ ඉන් කිසිඳු සංඥාවක් නිකුත් නොවූ බව ය.

ශිෂ්‍ය හුවමාරුවක් සඳහා සහභාගී වී යළි පැමිණෙමින් සිටි ජර්මානු සිසුන් 16දෙනෙකු ද යානයේ සිටි බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

ගුවන් යානය කඩා වැටුණු ප්‍රංශයේ ඇල්ප්ස් කඳුකර ප්‍රදේශයට සහන සේවකයෝ ඊයේ පෙරවරුවේ ළඟා වූහ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]