දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයින් කුඩා දරුවෙකුගේ සතුට වෙනුවෙන් දුන් අපූරු තෑග්ග (VIDEO)

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයින් කුඩා දරුවෙකුගේ සතුට වෙනුවෙන් දුන් අපූරු තෑග්ග (VIDEO)

කර්තෘ Kumudu Jayawardana

25 Mar, 2015 | 3:54 pm

(SCROLL DOWN FOR VIDEO)

වසර 23ක් පුරා දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන් ම ක්‍රිකට් ලෝලීන් ද මවමින් සිටි සිහිනය ඊයේ යළි ත් බිඳ වැටිණි.

ඔවුන් කෙතරම් සංවේදී කණ්ඩායමක් ද යන්න, ඔවුන් ඊයේ ඔක්ලන්ඩ්හි ඊඩ්න් පාර්ක් පිටිය පුරා හෙළූ කඳුළුවලින් සනාථ විය.

ඔවුන් සංවේදී ක්‍රීඩකයින් ලෙස හැසිරෙනුයේ, ක්‍රීඩාංගණය තුළදී පමණක් නොවේ.

තමන්ට ආදරය කරන ක්‍රීඩා ලෝලීන් පිනවීම සඳහා ද දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයින් සිය කාලය වැය කරනුයේ, අතිශය නිහතමානීව ය.

එවන් ක්‍රීඩා ලෝලියෙකු වූ Kieron Adam නමැති 11 හැවිරිදි කුඩා දරුවෙකු සිය ක්‍රිකට් වීරයින් මුණ ගැසීම සඳහා සිහින මවමින් සිටියේ ය.

එය දැනගත් Kieron Adamගේ වීරයින් වූ හෂීම් අම්ලා, AB ඩි’විලියර්ස්, ඩේල් ස්ටේන් ඇතුළු පිරිසක් එම කුඩා දරුවාගේ සිහිනය සැබෑ කිරීම සඳහා නොසිතූ මොහොතක දරුවාගේ නිවසට ගොඩ වැදිණි.

සිය ක්‍රිකට් විරුවන් ඇස් ඉදිරිපිට සිටගෙන සිටින ආකාරය දුටු දරුවාට ඇස් අදහාගත නොහැකි විය.

මෙම අදහාගත නොහැකි සතුට එම නිවස පිහිටි ප්‍රදේශයේ නිවැසියෝ ද බෙදා ගත්හ.

මෙම නිහතමානී ක්‍රිකට් විරුවන් එදින Kieron සහ ඔහුගේ පාසල් ක්‍රිකට් කණ්ඩායම සමග ක්‍රිකට් තරගයකට ද එක්වීම විශේෂත්වයකි.

මෙය සිදුවූයේ, පසුගිය ජනවාරි මාසයේදී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]