කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 16 දෙනා දිවුරුම් දුන් අවස්ථාවේ දර්ශන (VIDEO)

කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 16 දෙනා දිවුරුම් දුන් අවස්ථාවේ දර්ශන (VIDEO)

කර්තෘ Sagarika Chathumali

22 Mar, 2015 | 8:51 pm

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් අද අමාත්‍ය ධුර සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්හ.

නව පත් කිරීම් සමග වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව පමණක් 39 දක්වා ඉහළ ගියේ ය.

නව අමාත්‍යවරුන් අද දිවුරුම් දුන්නේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ඉන් 11 දෙනෙකු කැබිනට් අමාත්‍යවරුන් ලෙසත් 5 දෙනෙකු රාජ්‍ය අමාත්‍යවරුන් ලෙසත් දිවුරුම් දුන් බව ය.

නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙක් ද අද දිවුරුම් දුන් පිරිසට අයත් වූහ.

කැබිනට් අමාත්‍යවරුන්

ඒ.එච්.එම්. ෆවුසි – ආපදා කළමනාකරණ අමාත්‍ය

එස්.බී.නාවින්න – කම්කරු අමාත්‍ය

එස්.බී.දිසානායක – ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍ය

ජනක බන්ඩාර තෙන්නකෝන්- පළාත් සභා හා ප්‍රාදේශී සංවර්ධන අමාත්‍ය

ෆීලික්ස් පෙරේරා – විශේෂ ව්‍යාපෘති අමාත්‍ය

මහින්ද යාපා අබේවර්ධන – පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය

රෙජිනෝල්ඩ් කුරේ – ගුවන් සේවා අමාත්‍යවරයා

මහින්ද අමරවීර – ධීවර අමාත්‍යවරයා

වාරිමාර්ග අමාත්‍ය – විජිත් විජයමුණි සොයිසා

සරත් අමුණුගම – උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය

පියසේන ගමගේ – නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය

රාජ්‍ය අමාත්‍යවරුන්

පවිත්‍රාදේවී වන්නිආරච්චි – පරිසර රාජ්‍ය අමාත්‍යවරිය

ජීවන් කුමාරණතුංග – කම්කරු රාජ්‍ය අමාත්‍ය

මහින්ද සමරසිංහ – මුදල් රාජ්‍ය අමාත්‍ය

සී.බී. රත්නායක – රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලන රාජ්‍ය අමාත්‍ය

ඩිලාන් පෙරෙරා – නිවාස හා සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරුන් 

තිස්ස කරල්ලියද්ද – බුද්ධ ශාසන හා ප්‍රජාතාන්ත්‍රීය පාලන පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය

දයාශ්‍රිත තිසේරා – ධීවර නියෝජ්‍ය අමාත්‍ය

රංජිත් සියඹලාපිටිය – ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

ලක්ෂමන් සෙනෙවිරත්න – ආපදා කළමනාකරණ අමාත්‍ය

ලක්ෂ්මන් යාපා අබේවර්ධන – ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය

ලලිත් දිසානායක – වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය

ජගත් පුෂ්පකුමාර – වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය

ලසන්ත අලගියවන්න – ග්‍රාමීය ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

ශාන්ත බණ්ඩාර – ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ – උසස් අධ්‍යාපන හා පර්යේෂණ නියෝජ්‍ය අමාත්‍ය

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]