BREAKING: සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් නිලයට උසස් කිරීමේ උත්සවය ඇරඹෙයි

BREAKING: සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් නිලයට උසස් කිරීමේ උත්සවය ඇරඹෙයි

BREAKING: සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් නිලයට උසස් කිරීමේ උත්සවය ඇරඹෙයි

කර්තෘ Chathuranga Rajapaksha

22 Mar, 2015 | 4:17 pm

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාෂල් නිලයට උසස් කිරීමේ නිල උත්සවය මීට ටික වේලාවකට පෙර ආරම්භ විය.

උත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

උත්සවය පැවැත්වෙන්නේ, ආරක්ෂක අමාත්‍යංශ ඉදිරිපිටදී පැවැත්වේ.

ඒ අනුව සරත් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ ෆීල්ඩ් මාෂල් නිලයට පත්වූ පළමු නිලධාරියා ලෙස ඉතිහාසයට එක් වනු ඇති.

රටක ත්‍රිවිධ හමුදාවේ උසස් ම නිලය ද වන මෙය කිසි දිනෙක විශ්‍රාම නොයන ෆීල්ඩ් මාෂල් තනතුර කැබිනට් අමාත්‍යවරයෙකු හා සමතැන් ගන්නා තනතුරකි.

1970 වසරේ පෙබරවාරි මස 5 වන දා යුද හමුදාවට එක් වූ සරත් ෆොන්සේකා මහතා සිංහ රෙජිමේන්තුවේ පළමු වන බල ඇණියේ දෙවැනි ලුතිනන්වරයෙකු ලෙස සිය හමුදා ජීවිතය ආරම්භ කළේ ය.