BREAKING: අද දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරුන් 11මෙන්න

BREAKING: අද දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරුන් 11මෙන්න

BREAKING: අද දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරුන් 11මෙන්න

කර්තෘ Sagarika Chathumali

22 Mar, 2015 | 3:51 pm

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්හ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ඉන් 11 දෙනෙකු කැබිනට් අමාත්‍යවරුන් ලෙසත් 5 දෙනෙකු රාජ්‍ය අමාත්‍යවරුන් ලෙසත් දිවුරුම් දුන් බව ය.

ඊට අමතරව නියෝජ්‍ය අමාත්‍යවරු 10 ක් දිවුරුම් දුන්හ.

අද දිනයේ කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් මන්ත්‍රීවරුන් මෙසේ ය.

ඒ.එච්.එම්. ෆවුසි – ආපදා කළමනාකරණ අමාත්‍ය

එස්.බී. නාවින්න  – කම්කරු අමාත්‍ය

එස්.බී.දිසානායක – ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍ය

ජනක බණ්ඩාර තෙන්නකෝන් – පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය

ෆීලික්ස් පෙරේරා – විශේෂ ව්‍යාපෘති අමාත්‍ය

මහින්ද යාපා අබේවර්ධන – පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය

රෙජිනෝල්ඩ් කුරේ – ගුවන් සේවා අමාත්‍ය

විජිත් විජයමුණි සොයිසා – වාරිමාර්ග අමාත්‍ය

මහින්ද අමරවීර – ධීවර අමාත්‍ය

සරත් අමුණුගම – උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය

පියසේන ගමගේ – නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]