ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ විනිසුරුවරුන් හා තරග තීරකයන් අතර ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක්

ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ විනිසුරුවරුන් හා තරග තීරකයන් අතර ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක්

ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ විනිසුරුවරුන් හා තරග තීරකයන් අතර ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක්

කර්තෘ Chathuranga Rajapaksha

22 Mar, 2015 | 3:40 pm

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සඳහා නම් කළ විනිසුරුවරුන් හා තරග තීරකයන් අතර ශ්‍රී ලංකාකිකයන් දෙදෙනෙකු ඇතුළත්ව තිබේ.

ලෝකු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග ලබන අඟහරුවාදා ආරම්භ වේ.

එහි පළමු තරගය නවසීලන්තයේ ඔක්ලන්ඩ් හීදී පැවැත්වෙන්නේ නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතරයි.

එම තරගයට තරග තීරක ලෙස ඔස්ට්‍රේලියාවේ ඩේවීඩ් බූන් නම් කර ඇති අතර, ප්‍රධාන විනිසුරුවන් ලෙස එංගලන්තයේ ඉයන් ගුල්ඩ් හා ඔස්ට්‍රේලියාවේ රොඩ් ටකර් නම් කර තිබේ.

එහි දෙවැනි තරගය ලබන බදාදා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හීදී ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර, පැවැත්වෙනු ඇති.

එම තරගයේ තීරකවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක රංජන් මඩුගල්ල නම් කර තිබේ.

එම තරගයේ ප්‍රධාන විනිසුරුවරුන් ලෙස නම් කර ඇත්තේ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක කුමාර ධර්මසේන හා එංගලන්තයේ රිචර්ඩ් කැට්ල්බර්ග් ය.