English
தமிழ்
කර්තෘ Chathuranga Rajapaksha
22 Mar, 2015 | 9:35 am
කලාපීය රටවල පමණක් නොව සමස්ත යුරෝපයේ ද සහයෝගය මෙරටට හිමි වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා පැවසුවේ එම රටවල් නව රජය කෙරෙහි තබා ඇති විශ්වාසය රටේත්, ජනතාවගේත් සංවර්ධනය උදෙසා උපරිමයෙන් යොදා ගන්නා බව ය.
මෙරට හේතුවෙන් ලෝකය බෙදුණු යුගය වත්මන් රජය අවසන් කළ බව ද ජනාධිපතිවරයා පැවසීය.
පොලොන්නරුව මහ රෝහලේ ඉදිකළ නව රුධිර මධ්‍යස්ථානය විවෘත කිරිමේ උත්සවයට ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා එම අදහස් පළ කළේය.
ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කොමිසමේ යෝජනාවලියේදී ලොව ඇතැම් රටවල් පසුගිය කාලයේ මෙරටට උදව් උපකාර කිරිමෙන් වැළකී සිටි බව ද ජනාධිපතිවරයා එහිදී සිහිපත් කළේය.
මේ අතර ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, නව රජයට හා ජනතාවට සෙත් පතා ආශිර්වාද පූජාවක් ඵෙතිහාසික මහියංගණ පුදබිමේදී පැවැත්විය.
එහි ගිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඡායනා කර ආශිර්වාද කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
17 Jan, 2019 | 12:59 PM
04 Jan, 2019 | 04:58 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS