English
தமிழ்
කර්තෘ Staff writer
22 Mar, 2015 | 8:14 pm
ජාතික ආණ්ඩුවක් බිහිකිරීමේ වෑයම අද පැවති විපක්ෂ මාධ්‍ය හමුවලදී දැඩි විවේචනයට ලක් විය.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ, රටේ ජනතාවට හොරකම් කරන පිරිසට එරෙහිව දැවැන්ත දේශපාලන බලවේගයක් අවශ්‍ය බව ය.
[quote]ජාතික ආණ්ඩුවක් හදන්න කතා කරන්නේ මොකටද? එකතු වෙන්න හදන්නේ මොකටද? එකතු වෙන්න කතා කරන්නේ මොකටද? හොරකම් කරපු කට්ටියගේ හොරකම් නවත්ත ගන්නයි ඒවා වහගන්නයි අලුතෙන් හොරකම් කරන කට්ටියට ඉඩ හදාගන්නයි. අපි කියන්නේ ඒක හින්දා හොරු එකට ලැගපුවාදෙන්. ඒකට කමක් නැහැ. හැබැයි මේ රටේ ජනතාවට දේශපාලනයක් ඕන. ජනතාවට පාර්ලිමේන්තුවක් ඕන. ජනතාවට හොරකම් කරන මිනිස්සුන්ට එරෙහිව දැවැන්ත දේශපාලන බලවේගයක් ඕන[/quote]
එමෙන් ම ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ද මාධ්‍ය සාකච්ඡාවයකට එක්වෙමින් පවසා සිටියේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් එක්සත් ජාතික පක්ෂයෙත් වලිගය බවට පත් කිරීමක් කර ඇති බවය.
[quote]ඒ අය ඇමති ධුර ඒ අයට පිරිනමනවා නම් ඒ පිරිනැමීමෙන් කරන්නේ වෙන මොකක්වත් නෙවෙයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ වලිගය බවට පත් කිරීමක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේක හරිම පුදුම වැඩක් විපක්ෂ නායකකමත් ආයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියාගෙන ඉන්නවා. එතකොට විපක්ෂ නායකවරයා ඒ ආණ්ඩුවට බනින්නේ කොහොමද? කණ්ණාඩියක් ඉස්සරහ ගිහිල්ලා බනිනවා වගේ වැඩක්. ඇයි ඒ ආණ්ඩුවේ ජනාධිපති තමන්ගේ. ඒ ආණ්ඩුවේ ඇමතිවරු 20ක් 30ක් 40ක් තමන්ගේ. එතකොට කොහොමද ඒ ආණ්ඩුවට විවේචනයක් කරන්නේ. මේ තමයි මහ ලොකුවට කරනවයි කියපු වෙනස. පැහැදිලිව පේනවා යහපාලන වස්ත්‍ර දැන් ගැලවිලා ඉවරයි.[/quote]
22 Feb, 2019 | 05:36 PM
13 Feb, 2019 | 12:01 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS