මෙරටින් HIV ආසාදිතයින් 229 ක් හඳුනා ගනී

මෙරටින් HIV ආසාදිතයින් 229 ක් හඳුනා ගනී

මෙරටින් HIV ආසාදිතයින් 229 ක් හඳුනා ගනී

කර්තෘ Chathuranga Rajapaksha

22 Mar, 2015 | 12:57 pm

පසුගිය වසරේ පමණක් මෙරටින් HIV  ආසාදිතයින් 229 දෙනෙකු හඳුනාගත් බව ජාතික ලිංගාශ්‍රීත රෝග ඒකකය පවසයි.

ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 77කි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද HIV ආසාදිතයින් 41 දෙනෙකු වාර්තා වී ඇති බව එම ඒකකය සඳහන් කළේය.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේ, මේ වනවිට මෙරටින් HIV ආසාදිතයින් 2,073 දෙනෙකු වාර්තා වී ඇති බව ය.

පසුගිය වසරේ කළ පරික්ෂා කිරිම්වලින් HIV ආසාදිත වූ ගර්භනී මව්වරුන් 9 දෙනෙකු ද හඳුනාගෙන තිබේ.

ඉන් 6 දෙනෙකු දරුවන් ප්‍රසූත කළ අතර එම දරුවන්ට HIV  ආසාදනය වී නොමැති බව වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේය.