නියෝජ්‍ය අමාත්‍ය ලැයිස්තුව ත් තවත් 10කින් වැඩි වෙයි

නියෝජ්‍ය අමාත්‍ය ලැයිස්තුව ත් තවත් 10කින් වැඩි වෙයි

නියෝජ්‍ය අමාත්‍ය ලැයිස්තුව ත් තවත් 10කින් වැඩි වෙයි

කර්තෘ Sagarika Chathumali

22 Mar, 2015 | 6:42 pm

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද කැබිනට් අමාත්‍යවරුන් 11 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙක් දිවුරුම් දුන්හ.

එලෙස දිවුරුම් දුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනා මෙසේ ය.

තිස්ස කරලියැද්ද –  බුද්ධ ශාසන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය

දයාශ්‍රිත තිසේරා – ධීවර නියෝජ්‍ය අමාත්‍ය

රංජිත් සියඹලාපිටිය – ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

ලක්ෂ්මන් සෙනෙවිරත්න – ආපදා කළමණාකරණ නියෝජ්‍ය අමාත්‍ය

ලක්ෂ්මන් යාපා අබේවර්ධන –  ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය

ලලිත් දිසානායක – වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය

ජගත් පුෂ්පකුමාර – වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය

ලසන්ත අලගියවන්න – ග්‍රාමීය ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ – උසස් අධ්‍යාපන හා පර්යේෂණ නියෝජ්‍ය අමාත්‍ය

ශාන්ත බණ්ඩාර – ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය