දේශපාලන තීන්දු ගැන කථා කරන්න මට අයිතියක් නැහැ – මහින්ද රාජපක්ෂ (VIDEO)

දේශපාලන තීන්දු ගැන කථා කරන්න මට අයිතියක් නැහැ – මහින්ද රාජපක්ෂ (VIDEO)

කර්තෘ Staff writer

22 Mar, 2015 | 10:13 pm

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද මාතර තෙලිජ්ජවිල ප්‍රදේශයේ පැවති උත්සවයක සහභාගී වෙමින් අදහස් පළ කළේ ය.

[quote]එදා මම එන්න කිව්වාහම එතකොට ඔක්කොම විහිළුවකට ලක් කළා. හැබැයි මම ඒක ලක් කරන්නේ නෑ ඒ ආකාරයෙන්. මම දැන් මේ කාලේ විවේකීව ඉන්න කාලෙක යුගයක මට ඉතිං දේශපාලන තීන්දු ගැන මට කථා කරන්න අයිතියක් නෑ. අපි ඕක දැනගන්න ඕනේ නම් ඇමතිතුමා ඉන්නවා ජාතික ඇමතිතුමා ඉන්නවා. මෙතුමා තමයි උත්තර දෙන්න ඕනේ ඕවට. මම දැන් මේ දවස්වල ඉන්නේ විවේකීව.[/quote]

මාතර තෙලිජ්ජවිල සමරසිංහාරාමයේ අනුස්මරණ ගොඩනැගිල්ල විවෘත කිරීම සහ දහම් පාසල් ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම වෙනුවෙන් මේ උත්සවය පැවැත්විණ.