ඉන්දීය ධීවරයින් 54ක් අත්අඩංගුවට

ඉන්දීය ධීවරයින් 54ක් අත්අඩංගුවට

ඉන්දීය ධීවරයින් 54ක් අත්අඩංගුවට

කර්තෘ Chathuranga Rajapaksha

22 Mar, 2015 | 9:23 am

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 54 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

වැඩබලන හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේ, කන්කසන්තුරේ හා තලෙයිමන්නාරමට ඔබ්බබෙන් පිහිටි මුහුදු සීමාවේදී එම පිරිස අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන් පැමිණි යාත්‍රා 10ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් යාපනය හා තලෙයිමන්නාරම ධීවර කාර්යාලවලට භාරදීමට පියවර ගන්නා බව බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේය.