අධිවේගී මාර්ගවල මුදල් ගසා කෑ අය ගැන වසන්ත සමරසිංහ හෙළි කරන කරුණු (VIDEO)

අධිවේගී මාර්ගවල මුදල් ගසා කෑ අය ගැන වසන්ත සමරසිංහ හෙළි කරන කරුණු (VIDEO)

කර්තෘ Staff writer

22 Mar, 2015 | 9:39 pm

අධිවේගී මාර්ග ඉදිකිරීමේදී සිදු කළ වංචා පිළිබඳව ඉදිරිපත් කළ පැමිණිලි විභාගය යට යන ලකුණු පෙනෙන්නට ඇති බව දූෂණ විරෝධි හඬ සංවිධානය පවසයි.

අද කටුනායක පැවති වෘත්තීය සමිති හමුවකදී දූෂණ විරෝධී හඬ සංවිධානයේ කඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසුවේ, අධිවේගී මාර්ගවල දූෂණ පිළිබඳ පරීක්ෂණ මන්දගාමී වී ඇති බව ය.

ඉදිකළ මාර්ග අදියරෙන් අදියර දීර්ඝ කළ විට අනපේක්ෂික ඇස්තමේන්තු ඉදිරිපත් කළ ඇති බවත් ඒ හරහා තැරව්කරුවන් කෝටි ගණනක මුදල් කොල්ල කා ඇති බවත් වසන්ත සමරසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේ ය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසා සිටියේ, අධිවේගී මාර්ගය නව කොන්ත්‍රාත්තුවක් යටතේ ඉදිකිරීම් කටයුතු කිරීමට පියවර ගන්නා බව ය.