මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 43 කු යළිත් ඉන්දියාවට

මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 43 කු යළිත් ඉන්දියාවට

මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 43 කු යළිත් ඉන්දියාවට

කර්තෘ Staff writer

18 Mar, 2015 | 8:15 am

මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 43 දෙනෙකු ඊයේ පස්වරුවේ නාවික හමුදාව විසින් දෙරට අතර මුහුදු සිමාවේදි ඉන්දීය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

වැඩ බලන හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසුවේ, මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත් වූ ඉන්දීය ධීවරයින් සතුව තිබූ ධීවර යාත්‍රා රැගෙන යාම සඳහා ධීවරයින් බෝට්ටු 18 කින් 125 දෙනෙකු පැමිණි බව ය.

ඔවුන් ධීවර යාත්‍රා 34 ක් රැගෙන යාම සඳහා පැමිණ තිබේ.

මෙරට අත්අඩංගුවේ තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා ගණන 85 කි.