ජනපති මෛත්‍රී Skype ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතූ අවස්ථාව (VIDEO)

ජනපති මෛත්‍රී Skype ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතූ අවස්ථාව (VIDEO)

කර්තෘ Sagarika Chathumali

16 Mar, 2015 | 6:58 am

මේ වන විට අවසන් ජයග්‍රාහී කණ්ඩායම් 8 අතරට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ කණ්ඩායම් අට ඊයේ තීරණය විය.

ඒ ඊයේ මූලික වටය යටතේ අයර්ලන්තය හමුවේ පකිස්ථානය ත්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම හමුවේ  බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් ජය ගැනීමත් සමග යි.

තරගාවලියේ මූලික වටය අවසන් කරමින් අද අලුයම ආරම්භ වූ තරගයෙන් එක්සත් අරාබි එමීර් කණ්ඩායම පරදවා කොදවේ කණ්ඩායම කඩුලු 6ක පහසු ජයක් වාර්තා කළේ ය.

මේ අතර පකිස්තානය, අයර්ලන්තය පරදවා අද ජය ගත්තේ කඩුලු 3කිනි.

ඒ අනුව පකිස්තානය ‘බී’ කාණ්ඩයෙ තුන්වැනි ස්ථානය තහවුරු කරගත් අතර බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට දළ ලකුණු වේගය අනුව අයර්ලන්තය අභිබවා සිව්වැනි ස්ථානය තහවුරු කර ගත්තේ ය.

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය ආරම්භ කරමින් ලබන බදාදා ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහිදී තරග වැදීමට නියමිත ය.

දෙවැනි තරගයේදී ඉන්දියවට එරෙහිව බංග්ලාදේශය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හීදී තරගවදින අතර ඔස්ට්‍රේලියාව පකිස්තාන කණ්ඩායමට එරෙහිව ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හිදී තරග වැදීමට නියමිතව ඇත.

‘ඒ’ කාණ්ඩයෙන් අපරාජිතව පෙරමුණ ගත් නවසීලන්තය සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී ක්‍රීඩා කරන්නේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමගයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]