පකිස්තානය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

පකිස්තානය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

පකිස්තානය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

කර්තෘ Staff writer

15 Mar, 2015 | 10:37 pm

දිනයේ දෙවැනි තරගය අයර්ලන්තය හා පකිස්තානය අතර ඔස්ට්‍රේලියාවේ අඩිලේඩ් හීදී පැවැත්විණ.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ සියලු දෙනාම දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 237කි.

ඔවුන් වෙනුවෙන් නායක විලියම් පෝට්ෆීල්ඩ් ලකුණු 107ක් රැස්කළේ ය.

පිළිතුරු පකිස්තාන ඉනිමේ පළමු කඩුල්ලට අහමඩ් ශෙසාඩ් හා ශෆ්රාස් අහමඩ් ලකුණු 120ක සබඳතාවක් ගොඩනැගූහ.

අහමඩ් ශෙසාඩ් ලකුණු 63 ක් ලබා ගැනීමට සමත් විය.

පකිස්තාන නායක මිශ්බාහ් උල් හක් තම පාදය කඩුල්ලේ දැවටීම හේතුවෙන් දැවී ගියේ ය.

ශෆ්රාස් අහමඩ් එක්දින දිවියේ මංගල ශතකය අද වාර්තා කරමින් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව ලකුණු 101 කි.

තරගය අවසන් වීමට පන්දු 23ක් තිබියදී ඔවුන් කඩුලු 3ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසුකරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ.

ඒ අනුව බී කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත්තේ පිළිවෙලින් ඉන්දියාව, දකුණු අප්‍රිකාව, පකිස්තානය හා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් ය.