ස්කොට්ලන්තයට එරෙහි තරගය ජයගත් ඔස්ට්‍රේලියාව ලකුණු සටහනේ දෙවන ස්ථානයට

ස්කොට්ලන්තයට එරෙහි තරගය ජයගත් ඔස්ට්‍රේලියාව ලකුණු සටහනේ දෙවන ස්ථානයට

ස්කොට්ලන්තයට එරෙහි තරගය ජයගත් ඔස්ට්‍රේලියාව ලකුණු සටහනේ දෙවන ස්ථානයට

කර්තෘ Chathuranga Rajapaksha

14 Mar, 2015 | 7:35 pm

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග පැවති තරගයෙන් ඔස්ට්‍රේලියාවට කඩුලු 7ක පහසු ජයක් හිමිවිය.

ඒ අනුව ඔස්ට්‍රේලියාව A කාණ්ඩයේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේය.

ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ 3වන ස්ථානයයි.

A කාණ්ඩයේ ලකුණු සටහන මෙසේය.

Points Table

හොබාර්ට් හිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඔස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දු රැකිමට තීරණය කළේය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ස්කොට්ලන්තයේ සියලු ක්‍රීඩකයින් පන්දුවාර 25යි පන්දු 4ක් අවසානයේදී ලකුණු 130කට දැවි ගියේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 15යි පන්දු 2ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.