සංඛගේ ඡායාරූප ප්‍රදර්ශනයට පැමිණි හිටපු ජනපති මහින්දගෙන් මාධ‍්‍යවේදීහු ජාතික ආණ්ඩුවක් ගැන විමසති (VIDEO)

සංඛගේ ඡායාරූප ප්‍රදර්ශනයට පැමිණි හිටපු ජනපති මහින්දගෙන් මාධ‍්‍යවේදීහු ජාතික ආණ්ඩුවක් ගැන විමසති (VIDEO)

කර්තෘ Chathuranga Rajapaksha

14 Mar, 2015 | 9:13 pm

ප්‍රවීණ ඡායාරූප ශිල්පී සේන විදානගම මහතාගේ පුත් සංඛ විදානගම‍ මහතාගේ ප්‍රථම ඒක පුද්ගල ජනමාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනය අද ත් කොළඹ ජාතික කලාභවනේදී පැවැත්විය.

ඡායාරූප ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය  පැවැත්වුණේ ඊයේ පස්වරුවේදී ය.

ප්‍රදර්ශනය නම් කර ඇත්තේ රෙට්රොස්පෙක්ට් (RETROSPECT) ලෙසයි.

ජනමාධ්‍ය ඡායාරූප ශිල්පියෙකු ලෙස ක්ෂේත්‍රයට එක් වී වසර 10 ක් පිරීම නිමිතිකොටගෙන තම පියා වන ප්‍රවීණ ඡායාරූප ශිල්පී සේන විදානගම මහතාට උපහාර දැක්වීමක් ලෙස මෙම ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වේ.

Mahinda Rajapaksa 2

ප්‍රදර්ශනයේදී සේන විදානගම මහතා විසින් ඡායාරූපගත කෙරුණු 1987 දී ඉන්දීය හිටපු අගමැති රජිව් ගාන්ධි මහතාට නාවික භටයෙක් පහරදෙන ඡායාරූපය ඇතුළුව ඡායාරූප 200 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ.

Mahinda Rajapaksa 4

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් එක්ව සිටියහ.

එහිදී එම අවස්ථාවට පැමිණ සිටි මාධ්‍යවේදීන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ජාතික ආණ්ඩුවක් පිළිබඳව සහ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ විමසා සිටියේය.

සංඛ විදානගම‍ මහතාගේ ඡායාරූප ප්‍රදර්ශනය හෙට පස්වරු 6.00 දක්වා පැවැත්වේ.