මැතිවරණ රැස්වීම් පැවැත්වීමේදී සියලු පක්ෂවලට ස්ථාන වෙන් කිරීමේ පොදු ප්‍රතිපත්තියක්

මැතිවරණ රැස්වීම් පැවැත්වීමේදී සියලු පක්ෂවලට ස්ථාන වෙන් කිරීමේ පොදු ප්‍රතිපත්තියක්

මැතිවරණ රැස්වීම් පැවැත්වීමේදී සියලු පක්ෂවලට ස්ථාන වෙන් කිරීමේ පොදු ප්‍රතිපත්තියක්

කර්තෘ Sakila Udayakumara

14 Mar, 2015 | 11:04 am

ජාතික මැතිවරණයකදී ප්‍රචාරක රැස්වීම් සඳහා දේශපාලන පක්ෂවලට පරිශ්‍ර වෙන් කිරීමේදී පොදු ප්‍රතිපත්තියක් සකස් කිරීම කෙරෙහි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අවදානය යොමු වී තිබේ.

එහි නීති ලේකම් නීතීඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, ඒ සඳහා මැතිවරණ කොමසාරිස්වරයා සහ සියලු පළාත් පාලන ආයතන ප්‍රධානීන් මෙන් ම නියෝජිතයින් ලබන 17 වන දා කොමිසම හමුවට කැඳවා ඇති බව ය.

පසුගිය මැතිවරණ සමයේ ප්‍රචාරක කටයුතුවලදී ක්‍රීඩාංගණ, ශාලා හෝ පරිශ්‍ර වෙන් කිරීමේදී මතු වූ ගැටලු පිළිබඳව සලකා බලා මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]