මාලදිවයින් හිටපු ජනපතිට වසර 13ක සිරදඬුවම් නියම වෙයි

මාලදිවයින් හිටපු ජනපතිට වසර 13ක සිරදඬුවම් නියම වෙයි

මාලදිවයින් හිටපු ජනපතිට වසර 13ක සිරදඬුවම් නියම වෙයි

කර්තෘ Sagarika Chathumali

14 Mar, 2015 | 7:28 am

මාලදිවයින් හිටපු ජනපති මොහොමඩ් නෂීඩ්ට එරට අපරාධ අධිකරණයක් විසින් වසර 13ක සිර දඬුවමක් නියම කරනු ලැබ තිබේ.

ඒ, ධුරයේ සිටි කාල සීමව තුළ අධිකරණ විනිසුරුවරයෙකු අත්අඩංගුවට ගැනීමට නියෝග කිරීමේ චෝදනාවකට අධිකරණය හමුවේ වරදකරු වීම හේතුවෙනි.

මෙම චෝදනාවලින් ඉවත් කර සිටි මොහොම්ඩ් නෂිඩ් පසුගිය 22 වන දා යළි ත් අත්අඩංගුවට ගෙන නඩු පැවරී ය.

මෙය මොහොමඩ් නෂීඩ්ගේ දේශපාලන දිවිය අවසන් කිරීම සඳහා පැවැත්වෙන පක්ෂග්‍රාහි නඩු විභාගයක් බව පවසමින් දෙවන නඩු විභාගය ආරම්භ කිරීම ත් සමග මාලදිවයින් හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥවරු නඩුවෙන් ඉවත් වූහ.

කෙසේ වෙතත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණ විනිසුරුවරයා පැවසුවේ, නෂීඩ්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වන බව ය.

දඬුවම් නියම වීමෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් මොහොමඩ් නෂීඩ් එරට ජනතාවගෙන් ඉල්ලා සිටියේ පවතින ඒකාධිපති පාලනයට එරෙහිව සටන් කිරීම සඳහා වීථි බසින ලෙස ය.