ප්‍රවීණ නළු ජයලත් මනෝරත්නයන් ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබයි

ප්‍රවීණ නළු ජයලත් මනෝරත්නයන් ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබයි

ප්‍රවීණ නළු ජයලත් මනෝරත්නයන් ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබයි

කර්තෘ Sakila Udayakumara

14 Mar, 2015 | 12:05 pm

දිල්ලි බයිස්කෝප් ගෝලීය සිනමා උළෙලේ හොඳ ම නළුවාට හිමි සම්මානය හිමි කර ගැනීමට මෙරට ප්‍රවීණ නළු ජයලත් මනෝරත්න මහතා සමත් විය.

ඒ, සරත් ධර්මසිරි මහතා අධ්‍යක්ෂණය කළ සූවිසි විවරණය චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙනි.

ජයලත් මනෝරත්න මහතා නිවුස්ෆස්ට් වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ඔහු ප්‍රධාන චරිතයක් නිරූපණය කළ ප්‍රථම චිත්‍රපටය මෙය බව ය.

චාන්දනී සෙනවිරත්න මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වී තිබේ.

මෙරට සාම්ප්‍රදායික නරතනාංගයක් මෙන් ම දුෂ්කර බෞද්ධ ගම්මානයක ජීවත් වන ගැමියන්ගේ ජීවින රටාවන් ආශ්‍රය කරගනිමින් මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබේ.