නරේන්ද්‍ර මෝඩි තලෙයිමන්නාරමේ සිට මඩු දක්වා දුම්රිය මාර්ගය ජනතා අයිතියට පත් කෙරේ

නරේන්ද්‍ර මෝඩි තලෙයිමන්නාරමේ සිට මඩු දක්වා දුම්රිය මාර්ගය ජනතා අයිතියට පත් කෙරේ

නරේන්ද්‍ර මෝඩි තලෙයිමන්නාරමේ සිට මඩු දක්වා දුම්රිය මාර්ගය ජනතා අයිතියට පත් කෙරේ

කර්තෘ Chathuranga Rajapaksha

14 Mar, 2015 | 8:54 pm

ශ්‍රී ලංකාවේ උතුරේ සංචාරයක නිරතවන ප්‍රථම ඉන්දීය රාජ්‍ය නායකයා ලෙස නරේන්ද්‍ර මෝදි මහතා අද මෙරට ඉතිහාසයට එකකතු විය.

එ‍මෙන්ම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්ට පසු උතුරේ සංචාරයක නිරතවන දෙවන විදෙස් රාජ්‍ය නායකයා වන්නේ ද නරේන්ද්‍ර මෝදි මහතායි.

ශ්‍රී ලංකාවේ උතුරේ ත් දකුණේ ත් මිතුරු සිත් යාකළ යාල්දේවී දුම්රියේ ගමන් මග අද තවත් පුළුල් කෙරිණි.

ඒ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.

තලෙයිමන්නාරම සිට මඩු දක්වා කිලෝමීටර් 63 ක දුම්රිය මාර්ගයත් ප්‍රධාන දුම්රිය ස්ථාන 6 ක් සහ උප දුම්රිය ස්ථාන 3 ක් ඉදිකීරිමට වැයවුණ ඩොලර් මිලියන 149.7 ක මුදල ලබා දුන්නේ ඉන්දීයාවෙන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]