ත්‍රිරෝද රථ අනතුරින් තුන්මස් වයසැති කිරිකැටියා මරු තුරුළට (VIDEO)

ත්‍රිරෝද රථ අනතුරින් තුන්මස් වයසැති කිරිකැටියා මරු තුරුළට (VIDEO)

කර්තෘ Sagarika Chathumali

14 Mar, 2015 | 11:53 am

පොළොන්නරුව, වලේකඩේ, ඕනෑගම මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් මාස තුනක් වයසැති බිළිදෙක් ජීවිතක්ෂයට පත් විය.

ත්‍රිරෝද රථය මාර්ගය ඉවතට පෙරළී කාළිංග ඇළට වැටීමෙන් අනතුර සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ කාන්තාවන් තිදෙනෙකු සහ දරුවන් දෙදෙනකු ගමන්කරමින් සිට ඇති බව අප වාර්තාකරු පැවසී ය.

ඔවුන් අතරින් මාස තුනක් වයසැති බිළිඳා මිය ගිය අතර තුවාල ලැබූ දෙදෙනෙක් පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]