ජිනීවා අයථා ගනුදෙනු පරීක්ෂණ නිමවීමට පෙර ක්ෂේනුකා සෙනෙවිරත්නට තානාපති ධුරයක් (Special Report)

ජිනීවා අයථා ගනුදෙනු පරීක්ෂණ නිමවීමට පෙර ක්ෂේනුකා සෙනෙවිරත්නට තානාපති ධුරයක් (Special Report)

කර්තෘ Chathuranga Rajapaksha

14 Mar, 2015 | 8:33 pm

ජිනීවා හී හිටපු නිත්‍ය නියොජිත හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් ක්ෂේනුකා සෙනෙවිරත්න මහත්මිය තායිලන්තයේ තානාපතිනිය ලෙස පත් කිරීම සදාචාර විරෝධී බවට ජනතා විමුක්ති  පෙරමුණ චෝදනා කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ 2009දී ජිනීවා හී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත නිල නිවස ප්‍රතිසංස්කරණයේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකළ විගණන වාර්තාවෙන් ක්ෂේනුකා සෙනෙවිරත්න මහත්මියට චෝදනා එල්ල වී ඇති බව ය.

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත නිල නිවස අලුත්වැඩියාවේදී සිදුවූ අක්‍රමිකතාගැන තොරතුරු කරලියට ආවේ ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මියට පසු එම ධුරයට පත්වූ තමාරා කුනනායගම් විසින් කළ හෙළිදරව්වකින් ය.