ජනහිතකාමී දේශපාලනඥයින් බිහි කරන ලොව ප්‍රථම රියැලිටි වැඩසටහනට සිරස ටී.වී. මුල පුරයි (VIDEO)

ජනහිතකාමී දේශපාලනඥයින් බිහි කරන ලොව ප්‍රථම රියැලිටි වැඩසටහනට සිරස ටී.වී. මුල පුරයි (VIDEO)

කර්තෘ Chathuranga Rajapaksha

14 Mar, 2015 | 10:28 pm

ජනහිතකාමී දේශපාලන නායකයින් බිහි කිරීමේ ලෝකයේ පළමු රියැලිටි වැඩසටහනට සිරස මාධ්‍ය ජාලය මුලපුරා තිබේ.

මෙම වැඩසටහන නම් කර තිබෙන්නේ ‘ජන අසුන’ නමින් ය.

ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක ජනතාවට රියැලිටි වැඩසටහන් හඳුන්වා දෙමින් නැවුම් රූපවාහිනී  අත්දැකීම් හුරුකළ සිරස ටී.වී. මෙවර

ආරම්භ කර තිබෙන්නේ ජන හදට සමීපවිය හැකි නායකයන් බිහි කිරීමේ වගකීමයි.

අද එම අත්දැකීම  ක්‍රියාවට නැංවුණේ රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී ය.

ජනතාවගේ සැබෑ අභිලාෂයන් මුදුන්පත් කිරීමට ජනතාව අතරින් නායකයන් බිහිකිරීමේ රියැලිටි අද්දැකීම හා එක්වීමට අයදුම්කළ

දහස් ගණනක් තම සිහින සැබෑ කර ගැනීමට අද පැමිණ සිටියහ.

තරගකරුවන් ලියාපදිංචිය සහ අරමුණු පැහැදිලි කිරීම සමාරම්භක අවස්ථාවේ පරමාර්ථය විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]