“ඔබට මාව විශ්වාස කළ හැකියි මම ඔබව විශ්වාස කරනවා” – ඉන්දීය අගමැති යාපනයේදී කියයි (VIDEO)

“ඔබට මාව විශ්වාස කළ හැකියි මම ඔබව විශ්වාස කරනවා” – ඉන්දීය අගමැති යාපනයේදී කියයි (VIDEO)

කර්තෘ Chathuranga Rajapaksha

14 Mar, 2015 | 10:01 pm

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ආසියාවේ විශාලතම පුස්තකාලයක් ලෙස සැලකෙන යාපනය පුස්තකාලය අද නිරීක්ෂණය කළේය.

ඉලවාලෙයි  ප්‍රදේශයේ ඉදිකළ නව නිවාස ව්‍යාපෘතිය ජනසතු කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැමිණියේ විශාල ජන සහභාගීත්වයක් මධ්‍යයේදී ය.

යුද්ධයෙන් නිවාස අහිමි වුවන් සඳහා එම නිවාස ඉන්දීය ආධාර යටතේ ඉදිකර තිබේ.

ලොව රටවල් රැසක සංචාරය කර තිබුණ ද ශ්‍රී ලංකාවට පැමිණි තමා හා රට හා ජනතාවත් සමග ඇතිවූ බැඳිම වෙනස් කිසිඳු රටක් හා සැසැදිය නොහැකි බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ඊයේ රාත්‍රී පිරිනැමූ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රයට එක්වෙමින් මේ අදහස් පළ කළ බව ය.

ශ්‍රි ලංකාවේදි ලැබුණු උණුසුම් පිළිගැනීම සහ ආගන්තුක සත්කාර සුවිශේෂි අත්දැකීමක් බව ද ඒ වෙනුවෙන් ජනාධිපතිතුමාට හා ජනතාවට ස්තූතිවන්ත වන බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ දෙරට අතර මිත්‍රත්වය, අන්නෝන්‍ය අවබෝධය හා විශ්වාසය ඉදිරියටද උපරිමයෙන් තහවුරු කරන බව ය.

එම අවස්ථාවට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණ.

එහිදී පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා සුහද කතා බහකක ද නිරත විය.