ඉන්දීය ව්‍යෛවරයෙකු රෝහලක් තුළදී සිහිසුන් ලෙඩෙකුට පහර දෙන අයුරු (VIDEO)

ඉන්දීය ව්‍යෛවරයෙකු රෝහලක් තුළදී සිහිසුන් ලෙඩෙකුට පහර දෙන අයුරු (VIDEO)

කර්තෘ Sagarika Chathumali

14 Mar, 2015 | 1:15 pm

රෝගියෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලක්නව්හි කිං ජෝර්ජ් වෛද්‍ය විද්‍යාලයේ නේවාසික කනිෂ්ඨ වෛද්‍යවරයෙකුගේ සේවය අත්හිටුවා තිබේ.

ඒ, අදාළ වෛද්‍යවරයා රෝහල් වාට්ටුවක් තුළදී සිහිසුන් රෝගියෙකුට පහර දෙන ආකාරය දැක්වෙන දර්ශන පෙළක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පළ වීමත් සමග ය.

කෙසේවෙතත් එම වෛද්‍යවරයා මාධ්‍යට පවසා ඇත්තේ, එය රෝගියාට යළි සිහිය ලබා දීම සඳහා උත්සාහ කිරීමක් බව ය.

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ පෞද්ගලික වාටුට්වක නවතා සිටි අදාළ රෝගියෙකු මෙට මුහුණ දී ඇති අතර එම වාට්ටුවේ ම සිටි අයෙකු එය වීඩියෝ කර අන්තර්ජාලයට මුදා හැර තිබේ.

මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ වෛද්‍යවරයාගේ වැඩ තහනම් කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස එම විද්‍යාලයේ උප කුලපතිවරයා නියෝග කර තිබේ.

ඒ අනුව එම විමර්ශනය සඳහා සාමාජිකයින් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබේ.