මෝඩිගේ සංචාරය හේතුවෙන් අද දිනයේ වසා තැබෙන මාර්ග මෙන්න

මෝඩිගේ සංචාරය හේතුවෙන් අද දිනයේ වසා තැබෙන මාර්ග මෙන්න

මෝඩිගේ සංචාරය හේතුවෙන් අද දිනයේ වසා තැබෙන මාර්ග මෙන්න

කර්තෘ Sagarika Chathumali

14 Mar, 2015 | 9:26 am

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරය හේතුවෙන් අද දිනයේත් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

ඒ අනුව පෙරවරු 8.15 සිට 8.45 දක්වා සහ පස්වරු 3.15 සිට 4.30 දක්වා ගාලුමුවදොර ඉදිරිපිට ගාලු පාර , එන්.එස්. ඒ. වටරවුම, ලෝටස් පාර, සෙරමික් හංදිය, රීගල් වටරවුම ඔස්සේ කොම්පඤ්ඤවීදිය පොලීසිය ඉදිරිපිට වටරවුම දක්වා මාර්ගයේ රථවාහන ධාවනය සීමා කරනු ඇති.

පස්වරු 6.15 සිට 6.45 දක්වා ගාලු මුවදොර ඉදිරිපිට ගාලු පාර, කොල්ලුපිටිය වට රවුම, ධර්මපාල මාවත, ලිබර්ටි වටරවුම, ආර්. ඒ ද මෙල් මාවත, තර්ස්ටන් පාරේ සිට ඉන්දීය නිල නිවස දක්වා මාර්ගය ය ද රථවාහන ධාවනයට සීමා වනු ඇති.

යළි ත් පස්වරු 8.15 සිට 9.00 දක්වා ඉන්දීය නිල නිවසේ සිට තර්ස්ටර් පාර, ජේ.ඕ.සී. හංදිය, ග්ලාස්හවුස් හන්දිය , හෝර්ටන් පෙදෙස, ඩී.එස්. සේනානයක හන්දිය, බේසලයින් ඔස්සේ බොරැල්ල ඔරුගොඩවත්ත හන්දිය නව කැලණි පාලම, කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ කටුනායක ගුවන්තාටුපොළ දක්වා ද විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වේ.

ඒ අනුව අදාළ මාර්ග වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා දැනුම් දී සිටී.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]