ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද යාපනයට යයි

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද යාපනයට යයි

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද යාපනයට යයි

කර්තෘ Sagarika Chathumali

14 Mar, 2015 | 8:05 am

දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා අද යානයේ සංචාරයට නිරත වීමට නියමිතව තිබේ.

එහිදී ඔහු ඉන්දීය ආධාර යටතේ ඉදි කළ යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ද සහභාගි වනු ඇති.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද දිනයේ අනුරාධපුරයට ගොස් ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැද පුදා ගැනීමට ද නියමිත ව ඇත.

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසුවේ, මෝඩි මහතාගේ ප්‍රධානත්වයෙන් අද තලෙයි මන්නාරම හා මැදවච්චිය අතර දුම්රිය සේවා ආරම්භ කිරීමට ද සැලසුම් කර ඇති බව ය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි අද දිනයේ දේශපාලන පක්ෂ කිහිපයක් සමග ද සාකච්ඡා පැවැත්විමට ද නියමිත බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පි පෙරේරා මහතා පැවසී ය.